චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

May 23, 2025   12:32 pm

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී ඇත.