මැතිවරණ කොමිසමෙන් යළිත් දැනුම්දීමක්
May 22, 2025 06:55 am
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.
එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් - වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.