header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කෙහෙළිය රිමාන්ඩ්
May 20, 202512:06 PM
කෙහෙළිය රිමාන්ඩ්
Mobitel 1278

අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නාය.

සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (21) දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කළාය.

2021 සහ 2023 අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් , දීමනා සහ අතිකාල දීමනා ලබාගෙන ඒවා පිළිමතලාව ප්‍රදේශයේ පෞද්ගලික ගිණුමකට බැර කොට එම මුදල් දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් 8,058,814ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැමිණිලි තුනක් අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

මෙම පැමිණිලි අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවකු ලෙස රමිත් රඹුක්වැල්ල මහතා නම් කරන බව දැනුම් දුන්නේය.

රමිත් රඹුක්වැල්ල මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීම් කර තිබුණද ඔහු මෙතෙක් පැමිණ ප්‍රකාශයක් ලබාදී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා ඇපමත මුදා හැර ලෙස ඉල්ලීමක් කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් මේ අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව තවත් පුද්ගලයින් විසි දෙදෙනකුගේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව ඇති හෙයින් විමර්ශන සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වනු ඇතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය අනතුරුවම සැකකරු ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

ඊට අමතරව මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින රමිත් රඹුක්වැල්ල මහතාට හෙට දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහෙස්ත්‍රත්වරිය විසින් වැඩිදුරටත් නියෝග කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ