ත්‍රීරෝද රථ සොරකමට අවශ්‍යව සිටි සැකකරුවෙකු කොටුවෙයි

ත්‍රීරෝද රථ සොරකමට අවශ්‍යව සිටි සැකකරුවෙකු කොටුවෙයි

May 20, 2025   08:20 am

ත්‍රීරෝද රථ සොරකම්වලට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිව සංහිඳ සෙවණ මහල් නිවාස සංකීරණය අසලදී සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ සැකකරු වයස අවුරුදු 25ක් වූ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මොහු විසින් වැල්ලම්පිටිය සහ කැලණිය පොලිස් වසම්වලදී සොරාගන්නා ලද ත්‍රීරෝද රථ දෙකක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.