පෙරළුණු බස් රථයේ කොටස් ගොඩට ගනී
May 11, 2025 05:42 pm
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.
පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.
පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.