සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි
May 12, 2025 08:18 am
වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.
ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.
පසුගිය දෙසැම්බර් මස 14 වන දින සිරිපා වන්දනා සමය ආරම්භ වුණි.