ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට - 20ක් රෝහලේ 

ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට - 20ක් රෝහලේ 

May 10, 2025   08:53 pm

Update :- 10:14pm

වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අද (10) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණි. 

එම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 20කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගැණුනු අතර එහිදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. 

මෙලෙස අනතුර ලක්න ඇත්තේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි. 

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් මිරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව, වැලිමඩ සහ බදුල්ල රෝහල් වෙත මාරුකර යවා තිබේ. 

වැලිමඩ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එලෙස ඇතුළත් කෙරුණු එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

======================================================================

08:53 pm 

වැලිමඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.