නව පාප් වහන්සේ තෝරා පත් කරගනී
සයුරෙන් එතෙර

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී

May 8, 2025   09:51 pm

නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව  නායකයා තෝරාපත් කරගත් බව සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

කෙසේ නමුත් නව පාප්වරයා කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

ඒ 'අපට නව පාප්වරයෙක් පත්ව ඇත' යන අරුතින් යුතුව 'හබෙමුස් පාපම්' යන වාක්‍යය හඩනගා කියැවීමෙන් අනතුරුවය.