පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා මියයයි
May 9, 2025 03:00 pm
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙකි.
වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (09) උදෑසන මියගොස් තිබේ.
වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.