header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කෙහෙළිය මැයි 20 දක්වා රිමාන්ඩ්
May 07, 202505:34 PM
කෙහෙළිය මැයි 20 දක්වා රිමාන්ඩ්
Mobitel 1278

අල්ලස් කොමිසම විසින් 'දූෂණය' නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (7) නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ දෙදෙනෙකුට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරීන් පැවසීය.

පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.

පසුව මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් ප්‍රේක්ෂණය කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.

මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබාගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද සඳහන් කර සිටියේය.

මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් පස්දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර එවැන්නක් තමන් දැන ගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බව එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීන් සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 8,058,814කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත්, එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියේය.

ඇතැම් පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයින් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ සේවයට යොදවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ මුදල් කිසිදු අවස්ථාවක තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එමෙන්ම මෙම මුදල් සැකකරු විසින් ලබාගෙන නොමැති අතර අල්ලස් කොමිසම විසින් තම සේවා දායකයා හිරිහැරයට පත් කිරීම සඳහා මෙවැනි නඩු ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

තම සේවාදායකයා 2015 වසරේ සිට අධිකරණයට පැමිණෙන බවත් කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදුකර නොමැති නිසා මෙම සැකකරු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතීඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ