යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමෙන් නව රජයට සුබපැතුම්

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමෙන් නව රජයට සුබපැතුම්

April 30, 2025   07:47 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගතව මෙරට රජය ක්‍රියාත්මක වීම පිළිබඳව මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් ප්‍රසාදය පළ කර තිබේ.

යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් අද (30) පැවැත්විණි.

එම අවස්ථාවේ දී එම නියෝජිතයින් මේ බව පවසා ඇත. 

එමෙන්ම නව රජය අනුගමනය කරන යහපලන පිළිවෙත් ද නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ස්වාධීන කොමිෂන් සභාවන් ස්වාධීනව ක්‍රියාත්මකවීමට අවස්ථාව සලසා තිබීම සහ ඒ පිළිබඳව ප්‍රිතිපත්ති ක්‍රියාවට නැවීම ද නියෝජිත කණ්ඩායමේ ඇගයීමට ලක් ව ඇත.

එමෙන්ම ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක වීම ද පැසසුමට ලක් කළ නියෝජිත පිරිස ඒ සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ එය ලබා දීමටත් සූදානමින් පසුවන බව ප්‍රකාශ කර තිබේ.

GSP+ සහනය සඳහා ලබා දීමේ ශ්‍රී ලංකාව වැදගත් ස්ථානයක පිහිටීමේ සාධකයත් සලකා බැලෙන බවත් මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කරනු ලබන වාර්තාව වැදගත් වනු ඇති බවත් මෙහිදී අවාධාරණය කර තිබේ.

මීට අමතරව 2028 ජනවාරි වන විට කම්කරු ගැටලු සහ කම්කරු නීතිවලට අදාළ කොන්දේසි සකස් කිරීමට නියමිත බැවින් එයට සූදානම් වන ලෙස ද නියෝජිත පිරිස අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

මේ අතර, මෙම සාකච්ඡාවේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළ කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,