බංග්ලාදේශය ගෞරවය බේරාගනියි

බංග්ලාදේශය ගෞරවය බේරාගනියි

April 30, 2025   06:11 pm

සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 106ක ගෞරවාන්විත ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (30) සමත් විය.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස අවසන් කර තරගාවලි පරාජයෙන් බේරීමට බංග්ලාදේශයට හැකිවිය.

චට්ට්‍රොග්‍රාම්හිදී පැවති මෙම තරගය තෙදිනක් තුළ අවසන්වීමද විශේෂත්වයක්ය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 227/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 444/10ක් රැස්කළේය.

ඒ අනුව ලකුණු 217ක් පසුපසින් නැවතත් දෙවන ඉනිම ඇරඹීමට සිම්බාබ්වේට සිදු වූ අතර, එහිදී ඔවුන් ලකුණු 111කට සීමාවිය.

බංග්ලාදේශය වෙනුවෙන් තුන්ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ මෙහිදි හසන් මිරාස් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

ඔහු පන්දුවට පහරදීමෙන් ලකුණු 104ක් හා සිම්බාබ්වේ දෙවන ඉනිමේ දී ලකුණු 32කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

ඒ හේතුවෙන් තරගයේ වීරයා ලෙසින්ද ඔහු සම්මාන දිනාගත්තේය.

එමෙන්ම මිරාස් සමස්ත තරගාවලියේදීම පන්දුවට පහරදීමෙන් ලකුණු 116ක් හා කඩුලු 15ක් දවාගත් අතර, ඒ හේතුවෙන් තරගාවලියේ වීරයාට හිමි සම්මානයද ඔහුට හිමිවිය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක ජයක් සිම්බාබ්වේට හිමිවිය.