කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පනියි
April 30, 2025 05:05 pm
කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබේ.
එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දී ඇත.
දුම්රිය අංගනයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් තිබු දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර එම දුම්රිය පස්වරු 06.10ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය වීමට නියමිත තිබු දුම්රිය බව සඳහන් වේ.
මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ග දෙකක් අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.