නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 30ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 30ක් බෙදා අවසන්

April 24, 2025   02:49 pm

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

පසුගිය 16 වනදා තම දෙපාර්තමේන්තුවට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සඳහා භාරදුන් බවද ඔහු සඳහන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 14කට වැඩි ප්‍රමාණයක් මෙලෙස භාරදී තිබේ.

එළඹෙන 29 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර අප්‍රේල් මස 27 වන ඉරුදින විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන මැයි 6වන දින දක්වා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.

අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පූර්ණ අනුමැතියකින් පමණක් නිවාඩු ලබාගත හැකි බවද තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.