සයුරෙන් එතෙර
ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළාදකින බව චීනය ඉන්දියාවට කියයි
April 24, 2025 04:10 pm
පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් හි ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළාදකින බව චීනය ද පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාධ්‍ය හමුවකට එක්වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ඒ බව සඳහන් කර තිබූ බවය.
"අපි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු. චීනය සියලු ආකාරයේ ත්‍රස්තවාදයට තරයේ විරුද්ධයි'' යනුවෙන් ඔහු එහිදී පවසා තිබේ.
අහිමිවූ ජීවිත වෙනුවෙන් සහ විපතට පත් පවුල්වලට, තුවාල ලැබූවන්ට ශෝකය පළ කරන බවද චීන රජය වෙනුවෙන් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම ඉන්දියාවේ චීන තානාපතිවරයා ද මෙම ප්‍රහාරය තරයේ හෙළාදකින බව පවසා තිබේ.