ගම්පහ ඔස්මන් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අල්ලයි

ගම්පහ ඔස්මන් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අල්ලයි

April 20, 2025   10:42 am

ව්‍යාපාරිකයෙකු වූ ගම්පහ ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධව තවත් පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස 09ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව ඊයේ දිනයේදී T -56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව අදාළ සැකකරුවන් 07 දෙනා සම්බන්ධව රැඳවුම් නියෝග ලබා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.