අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

April 17, 2025   10:02 pm

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඔහුගේ ඉන ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර 28 හැවිරිදි ලක්ෂාන් මධුෂංක නමැති අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබේ.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.