සිරි දළදා වන්දනාව

සිරි දළදා වන්දනාව

April 19, 2025   07:14 am

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ඊයේ (18) උදාවිය.

ඒ, 16 වසරකට පසු ඇරඹි සිරි දළදා වන්දනාව සමඟිනි.

සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වූ අතර දළදා වන්දනාවේ පළමු දිනය වූ ඊයේ 60,000ක පමණ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගත්තේය.

සිරි දළදා වන්දනාවේ දෙවන දිනය අදයි.