ඇල්ල - වැල්ලවාය මාර්ගයේ යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්
April 16, 2025 04:59 pm
අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් ද මේ වනවිට මතුවී ඇති බවය.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙයි.