මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළට

April 16, 2025   04:50 pm

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (15) දිනයේදී පැමිණිලි 53ක් ලැබී තිබේ.

ඒ අනුව ඉකුත් මාර්තු මස 20වනදා සිට අප්‍රේල් 15වනදා දක්වා අතර කාලය තුළ මැතිවරණ නීති උල්ලාංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1,387ක් බව එම කොමිසම පැවසීය.

ඊට ප්‍රචණ්ඩ ක්‍රියා 86ක් සහ වෙනත් මැතිවරණ නීති උල්ලාංඝනය කිරීම් 1,293ක් ඇතුළත්ව ඇත.

කෙසේ නමුත් සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවෙන් 1,214ක් මේ වනවිට විසඳා අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.