බටලන්ද විවාදය ඇරඹෙයි

බටලන්ද විවාදය ඇරඹෙයි

April 10, 2025   11:18 am

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

දින දෙකකින් සමන්විත අදාළ විවාදයේ පළමු දිනය ආරම්භ කරමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තවේ නිර්දේශ තුළ අදාළ වධකාගාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බවට සඳහන් වන බවය.

 

එහි සජීවි දර්ශන ඉහතින් දැක්වේ.