පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්
April 10, 2025 10:20 am
පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
එමෙන්ම දැනටමත් ඊට අදාළ කෙටුම්පතක් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇතැයි ද ආනන්ද විජේපාල මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 2026 වසරේ දී අයවැය යෝජනාවලට අදාළ වැටුප් ව්‍යුහය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බව ද ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් සේවයේ ඇති විශාල ගැටලු ප්‍රමාණයක් වි සඳාගැනීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
දේශපාලනීකරණය වී ඇති පොලීසිය ඉන් මුදවා ගැනීමට මේ වනවිට කටයුතු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම් තුළ ආරක්ෂක කමිටු පිහිටුවීම රජයේ අරමුණ බව ද සඳහන් කළේය.