
මියන්මාරයට මානුෂීය ආධාර ලබා දීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබා දීම සම්බන්ධව රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (31) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, අනෙකුත් පාර්ශ්වකාර රාජ්‍ය ආයතන නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ දේශීය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වී තිබේ.
එහිදී පීඩාවට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුව පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී තිරණය වී තිබේ.

















































