රයිගම් ටෙලීස් 2024 සම්මාන උළෙලේදී දෙරණට සම්මාන රැසක්

රයිගම් ටෙලීස් 2024 සම්මාන උළෙලේදී දෙරණට සම්මාන රැසක්

March 29, 2025   08:56 pm

2024 රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානොත්සවයේදී දෙරණ මාධ්‍ය ආයතනය සම්මාන රැසකින් පාත්‍ර විය.

ටීවි දෙරණ සහ අද දෙරණ විසින් ඉදිරිපත් කළ වැඩසටහන් රැසකට මෙම සම්මාන හිමි විය.

ඒ ශ්‍රැංගිලා හෝටලයේ මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන ප්‍රදානොත්සවයේදීය. 

එහිදී සම්මානයට පාත්‍ර වූ වැඩසටහන් පහතින්,

  1. සෙනෙහසේ ළමා දිනය සඟරා වැඩසටහන සඳහා නිර්මාන කුසලතාව - අරුණ සොයිසා
  2. වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන - ජීවිතයට විද්‍යාව (නිශ්පාදනය - කේ.සී. සාරංග)
  3. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - ක්‍රිස්මස් With pereras (විමුක්ති රුද්‍රිගෝ, සුදීර ආර්. පීරිස්)
  4. වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම - නිල් කුරුමිට්ටෝ (අනුරාධ සිගේරා, ෂෙහාන් ක්‍රිස්මස්, මලිත් දුෂ්‍යන්ත)
  5. වසරේ විශිෂ්ටම රූපවාහීනි කථිකා වැඩසටහන - REBUILD SRI LANKA (එරත්න රුක්මාල්)
  6. වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය - අද දෙරණ
  7. වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය - ලාවණ්‍යා (අතුල පීරිස්)
  8. වසරේ වඩාත් ජනගත රූපවාහිනී නාලිකාව - ටී.වී දෙරණ
  9. වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව - ටීවි දෙරණ