ළමුන් සිටින ලිංගික දර්ශන බෙදාහැරි තරුණයෙකු කොටුවෙයි

ළමුන් සිටින ලිංගික දර්ශන බෙදාහැරි තරුණයෙකු කොටුවෙයි

March 29, 2025   01:16 pm

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අතුරුදන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහාවන අමෙරිකා රජයේ පිහිටි ජාතික මධ්‍යස්ථානය මගින් ලබාදුන් වාර්තාවක ඇතුළත් තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ෆේස්බුක් හරහා විදේශීය ජාතිකයින් වෙත ළමුන් සම්බන්ධ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ හා ඡායාරූප බෙදා හරින ලද පුද්ගලයෙකු පිළිබඳවය.

ඒ අනුව අදාළ ගිණුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය, ඒ පිළිබඳව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එහිදී සැකකරුට අයත් දුරකථන විශේලේෂණ පොලීසිය විසින් ලබාගෙන ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

රාගම, කැන්දලියද්ද ප්‍රදේශයේදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 20 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි.

සැකකරු සතුව තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකතනයක් හා පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.