ටිරාන් අලස් CIDයෙන් පිටව යයි

ටිරාන් අලස් CIDයෙන් පිටව යයි

March 31, 2025   04:45 pm

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.