දුම්රිය ගුවන් පාලමක් හදිසියේ කඩාවැටේ
March 26, 2025 10:27 pm
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී තිබේ.
කෙසේ නමුත් පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.
අද (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.
ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී ඇත.
මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව මේ වනවිට අවහිර වී ඇති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවේ.
මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දුම්රිය මාර්ගය හරහා කඩාවැටී ඇති පාලමේ සුන්බුන් කොටස් ඉවත්කරමින් සිටියි.
ඒ අනුව හෙට (27) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයෙන් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.