සයුරෙන් එතෙර
දකුණු කොරියාවේ ලැව්ගින්නෙන් මියගිය ගණන ඉහළට
March 26, 2025 06:32 pm
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බවය.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.
ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.