දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

March 26, 2025   10:13 am

2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ අයඳුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx වෙතින් පිවිස ලබාගත හැකි ය.

දහම් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන දහම් ගුරු භවතුන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලන්නට හා උසස් අධ්‍යාපන වරම් හිමිකරදීමට දහම් පාසල් ගුරු විභාගය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.