දිනෙන් දින මියයන පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි
සයුරෙන් එතෙර

දිනෙන් දින මියයන පලස්තීනුවන් ගණන 50,000 ඉක්මවයි

March 23, 2025   04:53 pm

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 50,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේනය කරයි.

එමෙන්ම එහි අවසානයක් දක්නට නොමැති බවද සඳහන් කර ඇති බව විදෙස් මාධය පවසයි.

2023 වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල භූමියට පිවිස 1,200කට අධික පිරිසක් ඝාතනය කළ අතර, තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනු ලැබීය.

ඊට ප්‍රතිචාර ලෙස මේ වන තෙක් ඊශ්‍රායලය ගාසා හි ක්‍රියාත්මක කළ ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් දහස් ගණනින් මියගිය අතර ගාසා තීරය සුන්බුන් ගොඩක් බවට ද පත්ව ඇත.