
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාගැනීමේ අරමුණින් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පසුගිය මාස 2 ක කාලයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ඔහු අද දෙරණට කියා සිටියේය.
ජනාධිපති සමාවක් හිමිවීම සඳහා කිසියම් පාර්ශවයකින් ඉදිරිපත් වන යෝජනාවකට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද සරත් ෆොන්සේකා මහතා ද මීට පෙරාතුව ප්‍රකාශ කර තිබුණි.
එහෙත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ සඳහන් කළේය.


















































