
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවක් ලබාදීමේ අරමුණින් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පසුගිය මාස 2 ක කාලයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති සමාවක් හිමිවීම සඳහා කිසියම් පාර්ශවයකින් ඉදිරිපත් වන යෝජනාවකට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවද සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.
එහෙත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ සඳහන් කළේය.
ෆොන්සේකා මහතා හමුවීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණි තිස්ස අත්තනායක මහතා ඔහු හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

















































