
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කළ බවයි "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.
සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණ ද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව සඳහන්ය.
මේ අතර අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැකකරුගේ සහෝදරිය සහ අනෙක් පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරීමට ද මහෙස්ත්‍රාවරයා නියෝග කර තිබේ.


















































