පළාත් පාලන මැතිවරණය ගැන දිලිත්ගේ විශ්වාසය
March 15, 2025 06:10 pm
ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය සහ සර්වජන සභා පිහිටුවීම උදෙසා මේ වන විට විශාල ජනතා ප්‍රතිචාරයක් මේ වනවිට ලැබී ඇති බව සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ජනතාව අපේක්ෂා කළ සැබෑ වෙනස මෙවර අත්දැකීමට හැකියාව ඇති බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,
"අපි මුහුණ දෙන තුන්වැනි මැතිවරණය. ඉතාම කෙටි කාලයක් තුළ කළින් මැතිවරණ දෙකට වඩා අද අපි විශ්වාසකරන ව්‍යවසායකත්ව සංකල්පය සහ ඒ සඳහා අපි භාවිතා කිරීමට නියමිත සර්වජන සභා පිහිටුවා ගැනීම සඳහා විශාල ජන ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මම හිතනවා ජනතාව අපේක්ෂා කළ ඒ සැබෑ වෙනස මෙවර තමයි ඔවුන්ට අත්දකින්නට ලැබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හොඳ ප්‍රතිඵල ලබා ගනිමින් ලංකාවේ ජනතාව ඒ විශාල ජයග්‍රහණය සමීප කරන්නට"