පාස්කු ප්‍රහාරයට සාධාරණයක් වෙනු ඇතැයි කාදිනල් හිමි අපේක්ෂාවෙන්

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් වෙනු ඇතැයි කාදිනල් හිමි අපේක්ෂාවෙන්

March 15, 2025   06:57 pm

පාස්කු ප්‍රහාරයට සය වසක් සම්පූර්ණවීමට පෙර ඊට අදාළව සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරු මැදුරේදී අද (15) පැවති ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමින් උන්වහන්සේ පැවසුවේ එසේ සාධාරණය ඉටු නොවන්නේනම් විරෝධතාවලට අවතීර්ණවීමට සිදුවනු ඇති බවය.

"පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පාලනය කළ අය පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා එක පොරොන්දුවක් වත් ඉශ්ට කළේ නෑ.  අපි මේ රජය බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න, කටයුතු කරන්න හැකි ඉක්මනින්... ඒ නිසා 6 වැනි සංවත්සරයට කළින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතිං අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න"