රුපියල් ලක්ෂ 21ක මත්කුඩු සමග අයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 21ක මත්කුඩු සමග අයෙකු අත්අඩංගුවට

March 15, 2025   04:04 pm

රුපියල් ලක්ෂ 21ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර පොලීසිය විසින් එම ප්‍රදේශයේ සිදුකළ විමර්ශනයදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ අනුරාධපුර තිසා වැවව නිරාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.