හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්
March 11, 2025 11:14 pm
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.
ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.