රුසියාව සමග දින 30ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

රුසියාව සමග දින 30ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

March 12, 2025   07:29 am

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ.

යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.