සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයා ගැන විමර්ශනයක් 

සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයා ගැන විමර්ශනයක් 

March 11, 2025   07:55 pm

උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇත.

එම සිදුවීම මෙන්ම ඔහු සිය පන්ති කාමරය තුළදී තවත් සිසුන්නට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවන් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව සිසුන්ට පහරදුන් එම ගුරුවරයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අද (11) ප.ව. 2ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.