මාර්තු අස්වැසුම දීමනාව ගැන දැනුම්දීමක්

මාර්තු අස්වැසුම දීමනාව ගැන දැනුම්දීමක්

March 11, 2025   04:52 pm

2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව රු 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතය.

අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව හෙට දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකිය.