අපරාධකරුවන්ව ආරක්ෂා කරන සියලු පුද්ගලයින් අත්අඩංගුවට
March 11, 2025 04:10 pm
යම් කිසි අපරාධයක් කර සැඟව සිටින අපරාධකරුවන්ව ආරක්ෂා කරනු ලබන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ අපරාධයට සම්බන්ධ පුද්ගලයින්ට නවාතැන් පහසුකම්, අපරාධයට ආධාර අනුබල දීමේ සිදුවීම් සිවිල් පුද්ගලයින් විසින් සිදුකර ඇති බවට මේ වනවිට පොලීසියට තොරතුරු වාර්තා වී ඇති බවය.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 209 යම් වරදකරුවෙකුට හෝ සැකකරුවෙකුට නවාතැන් පහසුකම් සැපයීම හෝ අපරාධකරුවන්ට සැඟව සිටීමට අවස්ථාව ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඔහු පැවසීය.
තවද අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 21 වැනි වගන්තිය යටතේ ඇතැම් වැරදි සම්බන්ධ තොරතුරු මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ට දැනුම්දීමට බැඳී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.