මස්ක්ගේ X හදිසියේ බිඳ වැටෙයි
March 10, 2025 09:41 pm
එලොස් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්ව තිබේ.
අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදයේ දහස් ගණනක් පරිශීලකයින් සඳහා X සමාජ මාධ්‍ය අක්‍රීය වී ඇති බවය.
මේ අතර ලොව පුරා පරිශීලකයින් දහස් ගණනකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී ඇති බවත් විදෙස් මාධ්‍ය රැසක්ද වාර්තා කර තිබේ.