O/L නීති කැඩුවොත් පොලීසියට කියන්න

O/L නීති කැඩුවොත් පොලීසියට කියන්න

March 10, 2025   07:59 pm

හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පවත්වන්නේ නම් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ, ඉහත කාලසීමාව තුළ අ.පො.ස සාමාන්‍ය විභාගයේ උපකාරක පන්ති පවත්වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත තොරතුර ලබාදෙන ලෙසය.

පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය - 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011 278 4208 / 011 278 4537

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය  මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබුණි. 

මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.