අයියා විසින් මල්ලීව ඝාතනය කරයි
March 8, 2025 07:02 am
ඇලපාත, අළුපත්ගල ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (7) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් මෙම ඝාතනය සිදුකරනු ලැබූ සැකකාර වැඩිමහල් සොහොයුරා මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්‍රකාශයක් ලබා දී තිබේ.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.