
පාකිස්තානයේ බලොචිස්තාන් පළාතේ සිදුකළ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර ඇති බවය.
තුවාලකරුවන් රෝහල්ගත කළ බවත්, ඉන් ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් එරට මාධ්‍ය පවසයි.
කෙසේවෙතත් බලධාරීන් පවසන පරිදි වෙළෙඳපොළක් සහ ඒ ආසන්නයේ පිහිටි පාසලක් ඉලක්ක කර පිපිරීම සිදුකර ඇති බවය.
පිපිරීම සිදුවූ ස්ථානයේ නවතා තිබූ වාහන රැසකට ද හානි සිදුවී ඇත.



















































