විමල්ට තැන නැතිවෙයි
March 5, 2025 03:09 pm
මුදල් ගෙවා නීත්‍යානූකූලව ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කරගෙන තිබියදී එහි පැවැත්වීමට සැලසුම් කර තිබූ පොතක් එළිදැක්වීමේ උත්සවය අවලංගු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අද (05) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.
"තව දින කිහිපයකින් මගේ උපන්දිනය වෙනුවෙන් සත්‍ය ජීවන අත්දැකීම් පදනම් කරගත් නව කතාවක් මා රචනා කරනු ලැබුවා "සඳේ ගින්දර" නමින්. එම නව කතා කෘතිය එළිදක්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අපි නිත්‍යානූකූලව මුදල් ගෙවලා වෙන්කළා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය. නිත්‍යානූකූලව මුදල් ගෙවලා වෙන්කළාට පස්සේ ඒක පිළිගත්තු නිසා අපි ආරාධනා පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් බේදාහැරියා. මේක තියෙන්නේ මාර්තු 07 වනදා සවස 3:00ට ජාතික ලේඛනාරක්ෂණ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා කියලා. ඊට පස්සේ අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ආරාධනා පත්‍ර විශාල වශයෙන් බෙදාහැරියා. ඒ හැම එකක්ම තියෙන්නේ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේ තියෙනවා කියලා. ඒත් දැන් ඉතාම කනගාටුදාකය විදිහට එහි නිලධාරිනියක් කතා කරලා මේක දෙන්න බෑ කියලා දැනුම්දුන්නා. රාජකාරි වෙලාවෙන් පිට තමයි ඒ දුරකථන ඇමතුම ලබාදුන්නේ. කුමන හෝ ඉහළ බලධාරියෙකුගේ අවශ්‍යාතාවය මත තමයි මේක කරලා තියෙන්නේ."