පිටකොටුවේ ගින්නක්
March 5, 2025 07:32 pm
අද (05) සවස 6ට පමණ පිටකොටුව, බංගසාල වීදියේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
මහල් තුනකින් සමන්විට ගොඩනැගිල්ලේ එක් මහලක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 07ක් පිටත් කර යැවූ බවය.
මෙම වෙළෙඳසැල ප්ලාස්ටික් විසිතුරු මල් අලෙවිකරණ ස්ථානයක් බව වාර්තා වේ.