රුපියල් මිලියන 69ක් වටින කේරළ ගංජා තොගයක් කොටුවෙයි
March 5, 2025 07:31 am
රුපියල් මිලියන 69කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 174කට අධික ප්‍රමාණය සොයා ගෙන ඇති බව සඳහන්ය.
එම වෙරළට ආසන්න කැලෑබඳ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර හතක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.
එම කේරළ ගංජා තොගය ඉදිරි නිතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදී ඇති බව සඳහන්ය.