තෙල් බෙදුම්කරුවන් අද CIDය හමුවට

තෙල් බෙදුම්කරුවන් අද CIDය හමුවට

March 4, 2025   10:17 am

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

මෙම නියෝජිතයින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ලැබී තිබුණි.