ජොස් බට්ලර් නායකත්වයෙන් ඉවත් වෙයි
March 1, 2025 11:46 pm
ජොස් බට්ලර් එංගලන්ත එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
34 හැවිරිදි ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තරග 187ක් ක්‍රීඩා කර ඇත.
ඔහු එක්දින තරගවලදී රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 5196කි.
බට්ලර් එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 162ක් වන අතර ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස්කර තිබුණේ නොදැවී ක්‍රීඩාකරමින්ය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හමුවේ පළමුවටයේ තරග දෙක පරාජයට පත්වීමෙන් පසු එංගලන්තය මේ වනවිටත් චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වී ඇත.
කෙසේවෙතත් අද කරච්චි නුවරදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද ජොස් බට්ලර් විසින්ය.
එම තරගද කඩුලු 07කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.